මතභේදාත්මක හිමාලයානු දේශසීමාවේ දී චීන හමුදා සමග ඇති වූ ගැටුමකින් ඉන්දීය සෙබළුන් 20දෙනෙකු ජීවිතක්ෂයට පත්වූයේ යැයි එරට හමුදා ඊයේ (16) ප්‍රකාශ කළේය.
දශක ගණනාවකට පසු ඉන්දියාව සහ චීනය අතර සිදු වූ මාරාන්තිකම ගැටුම මෙයයි. දේශසීමා මුල් කරගනිමින් ඉන්දියාව සහ චීනය අතර තිබෙන ගැටුම් පසුගිය දින කිහිපයේ දී උග්‍ර අතට හැරිණි.
අසල්වැසියන් වන ඉන්දියාව සහ චීනය න්‍යෂ්ටික අවිවලට හිමිකම් කියයි.
දේශසීමාවේ ඇති වූ ගැටුම්වලින් සිය සෙබළුවන් තිදෙනකු මරුමුවට පත්වූයේ යැයි ඉන්දීය හමුදා මුලින් නිවේදනය කළ නමුත් තවත් 17දෙනකු මරණයට පත්ව ඇතැයි එම හමුදා පසුව නිවේදනය කළේය.