එක්සත් ජාතික පක්ෂයට වඩා සමගි ජන බලවේගය ශක්තිමත් බව අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂක පී. හැරිසන් මහතා පවසයි.
අනුරාධපුරයේ දී මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පවසා සිටියේ, එක්සත් ජාතික පක්ෂයෙන් තමන් ඇතුළු පිරිස කැඩී නොගිය බවය.
තවමත් එජාප පාක්ෂිකයන් ලෙස කටයුතු කරන බව ද පැවසූ ඔහු, කෘත්‍යාධිකාරී මණ්ඩලය ගනු ලැබූ තීරණයක් අනුව, සමගි ජන බලවේගය නිර්මාණය කළ බව ද පැවසීය.
සමගි ජන බලවේගයේ කිසිවෙක් “ඩීල්“ දැමීමට සූදානමක් නොමැති බව ද පැවසූ හැරිසන් මහතා, අගෝස්තු මාසයේ දී ඒ එවැනි අයට පිළිතුරු හිමිවනු ඇතැයි ද පැවසීය.