මෙම රැස්වීමට තම නියෝජිතයන් සහභාගී නොවන බවයි සජිත් ප්‍රේමදාස හිටපු මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය සහ අනුර කුමාර දිසානායක හිටපු මන්ත්‍රීවරයා නායකත්වය දරනා ජනතා විමුක්ති පෙරමුණ මීට පෙර කියා සිටියේ.
එසේ තිබිය දී මෙම රැස්වීමට තම නියෝජිතයන් සහභාගී වන බව එක්සත් ජාතික පක්ෂය ඊයේ පැවසුවා. එහෙත් පවතින අලුත් තත්ත්වය යටතේ ඊට සහභාගී නොවීමට අද තීරණය කළ බවයි එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ.