කොරෝනා අර්බුදය සම්පූර්ණයෙන් ම මර්දනය නොකර මහ මැතිවරණයකට යාමෙන් ජනතාවගේත්, සෞඛ්‍ය සේවකයන්ගේත් ජීවිතය බරපතළ අවදානමකට ලක්වෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර සිටිනවා.
දේශපාලන න්‍යාය පත්‍ර සපුරාගැනීමට ඉක්මන් මැතිවරණ නොතියා තමන්ගේ සම්පූර්ණ අවධානය කොරෝනා අර්බුදය මැඩපැවැත්වීමට යොදවන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
එහෙම නොකළොත් මේ දක්වා කරපු සෑම කැපකිරීමක්ම වතුරේ යන බව ස්ථිරයි, සමගි ජන බලවේගයේ නායක සහ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහ මැතිවරණය පැවැත්වීම ගැන සිය ස්ථාවරය හෙළි කරමින් කියා සිටියා.