කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් ඔස්ටේ‍්‍රලියාවේ අධ්‍යාපනය ලබන ශී‍්‍ර ලාංකික සිසුන් මුහුණපා සිටින ගැටලු සඳහා සහයවීමට එරට ජීවත් වන ශී‍්‍ර ලාංකික ප‍්‍රජාව මැදිහත් වී තිබෙනවා. ඒ අනුව කිසියම් ආර්ථික ගැටලුවක් හෝ වෙනත් සාමාජයීය ගැටලුවක් වේ නම් එම සිසුන්ට උපකාර කිරීමටයි ඔස්ටේ‍්‍රලියාවේ වෙසෙන ශී‍්‍ර ලාංකික ප‍්‍රජාව දැනටමත් කටයුතු යොදා ඇත්තේ.
ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමයේ මෙල්බන් ශාඛාවේ සභාපති, වික්ටෝරියා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය රංජිත් ඉහලනායකගෙන් විමසීමක් කළා.
ඔහු සඳහන් කළේ ඔස්ටේ‍්‍රලියාවේ වෙසෙන ශී‍්‍ර ලාංකික සිසුන් මේ දක්වා කිසිදු බරපතළ ගැටලුවකට මුහුණපා නොමැති බවයි.
ඔස්ටේ‍්‍රලියාවේ වෙසෙන ශී‍්‍ර ලාංකික සිසුන් වෙනුවෙන් පහසුකම් සැලසීම සදහා දැනටමත් විවිධ ව්‍යාපෘති කි‍්‍රයාත්මක බවත් අනවශ්‍ය කලබලයක් ඇතිකර ගත යුතු නැති බවත් ආචාර්ය රංජිත් ඉහලනායක වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.
මේ අතර ඔස්ටේ‍්‍රලියාවේ සිටින ශී‍්‍ර ලාංකික සිසුන් සම්බන්ධයෙන් සිය රජය නම්‍යශීලිව කටයුතු කරන බවයි ශී‍්‍ර ලංකාවේ ඔස්ටේ‍්‍රලියානු මහකොමසාරිස් කාර්යාලය ද ඊයේ (05) පැවසුවේ.
විදෙස් සිසුන් වෙනුවෙන් ගත හැකි පියවර පිළිබද මේ වනවිටත් සොයා බලමින් සිටින බවයි එහි දැක්වෙන්නේ. සිය රට තුළ සිටින විදෙස් සිසුන් ඔස්ටේ‍්‍රලියානු සාමාජිකයින් ලෙස සලකන බව ද ශී‍්‍ර ලංකාවේ ඔස්ටේ‍්‍රලියානු මහකොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා.
– නෙත් නිවුස්