සංගීතවේදී ජයන්ත රත්නායක අභාවප්‍රාප්ත වෙයි

සංගීතවේදී ජයන්ත රත්නායක මහතා අද (06) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වුණේ.

ඒ මහතා මියයන විට 50 වන වියෙහි පසු වුණා.

ප්‍රවීණ සංගීතඥ වික්ටර් රත්නායක මහතාගේ වැඩිමහල් පුතු වූ ජයන්ත රත්නායක මහතා දෙදරු පියෙකි.

අවසන් කටයුතු හෙට (07) සිදු කෙරෙන බවයි වාර්තා වෙන්නේ.

Leave A Reply

Your email address will not be published.