කොරෝනා වෛරසයෙන් තවත් ශ්‍රී ලාංකිකයෙකු ඕස්ට්‍රේලියාවේදි මිය යයි

ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බන් නුවර ජීවත් වූ ශී‍්‍ර ලාංකිකයෙකුද කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි මෙල්බන් නුවරින් වාර්තා වනවා.

මෙලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ සුමිත් පේ‍්‍රමචන්ද්‍ර යන 52 හැවිරිදි පුද්ගලයෙක්.

මේ අතර ඕස්ටේ‍්‍රලියාවේ සිටින ශී‍්‍ර ලාංකික සිසුන් සම්බන්ධයෙන් සිය රජය නම්‍යශීලිව කටයුතු කරන බව ශී‍්‍ර ලංකාවේ ඕස්ටේ‍්‍රලියානු මහකොමසාරිස් කාර්යාලය පවසනවා.

කෙසේවෙතත් විදෙස් සිසුන් වෙනුවෙන් ගත හැකි පියවර පිළිබද මේ වනවිටත් සොයා බලමින් සිටින බවයි එහි දැක්වෙන්නේ.

කොරෝනා වෛරසයෙන් විදෙස්ගත සිසුන් ආරක්‍ෂා කර ගැනීම සදහා නව කොන්දේසි පනවා ඇති අතර මෙම අවස්ථාවේ කටයුතු කළයුතු ආකාරය පිළිබද සිසුන් දැනුවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

සිය රට තුළ සිටින විදෙස් සිසුන් ඕස්ටේ‍්‍රලියානු සාමාජිකයින් ලෙස සළකන බවද ශී‍්‍ර ලංකාවේ ඕස්ටේ‍්‍රලියානු මහකොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් පවසනවා.

Leave A Reply

Your email address will not be published.