Covid-19 වයිරසය නිසාවෙන් දිවයින පුරා උද්ගතව තිබෙන තත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්න ද වයඹ පළාතේ ජනතාව වෙනුවෙන් අත්‍යවශ්‍ය බඩු භාණ්ඩ රැසක් පසුගිය දා (3) බෙදා දී තිබේ.
ඒ අනුව වයඹ පළාතේ ජීවත් වන අඩු ආදායම් ලාභී පවුල් 50ක් සඳහා වියලි සලාක බෙදා දීමට ලහිරු තිරිමාන්න තීරණය කර ඇත. ඔහු එම ස්ථානය සඳහා නොපැමිණි නමුත් සිරිරතන හිමි, එම ප්‍රදේශයේ ආරක්ෂක අංශ සහ ප්‍රජාවගේ සවිය ඇතිව එම කටයුත්ත සාර්ථකව සිදු කිරීමට හැකියාව ලැබී ඇත.
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් මෙන්ම වර්තමාන ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක්ම ගෙවී ගිය දින කිහිපය පුරාවට ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කරමින් විවිධ වූ සහන ලබා දීමේ වැඩසටහන් සඳහා සිය දායකත්වය දක්වා තිබූ අතර ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක්ම සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ජනතාව දැනුවත් කරමින් නිවසටම වී ආරක්ෂිතව ඉන්න යන පණිවිඩය ජනතාව අතරට රැගෙන යාම සඳහා විශාල දායකත්වයක් දක්වන ලදි.
කොරෝනා වයිරසය යනු දැවැන්ත ප්‍රතිවාදියෙකි. එහෙත් කලබල විය යුතු නැත. අප කළ යුත්තේ නිවසේ රැඳී සිටිමින්, රජයේ, සෞඛ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශවල උපදෙස් පිළිපදිමින් තැන්පත්ව සිටීමය. ඉවසමු, නිවසට වී සිටිමු!