ස්වං නිරෝධායනය නිසි ලෙස අනුගමනය නොකළ අකුරණ 144ක් පූනානි නිරෝධායන මධ්‍යස්ථානයට

ස්වං නිරෝධායනයට ලබාදුන් උපදෙස් නිසි ලෙස අනුගමනය නොකළ අකුරණ ප්‍රදේශයේ පුද්ගලයින් 144 දෙනෙකු අද (5) අළුයම පූනානි නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකළ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කොවිඩ් 19 වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා හැකි සෑම පියවරක්ම අනුගමනයකර තිබියදී, පුද්ගලයන්ගේ නොසැලකිලිමත්භාවය මත රෝගය පැතිරීම වැළැක්වීමේ අරමුණින් මෙම පියවරගත් බව යුද හමුදාපති වරයා සඳහන් කළේය.

ඇදිරි නීති බලපත්‍ර  අවභාවිතා කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් බලපත්‍ර ලබාදී ඇති අතර නීති කඩ කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ කටයුතු දැඩි කර ඇති බව ද පොලීසිය සඳහන් කළේය.

– Derana

Leave A Reply

Your email address will not be published.