නාමල් රාජපක්ෂගෙන් රට වෙනුවෙන් අලුත් ම වැඩක්.. #homegardenchallenge

පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලාංකීය ජාතිය ස්වයංපෝෂිත ජීවන රටාවකට හුරු කිරීම සඳහා මෙන්ම ඉදිරියේදී මුහුණ දීමට සිදුවන අර්බුද හමුවේ ආහාර සුරක්ෂිතතාව වැඩි දියුණු කිරීම උදෙසා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ආරම්භ කල  #homegardenchallenge වැඩසටහ  ට මේ වන විට මහත් ප්‍රතිචාර ලැබෙමින් පවතී.

ඔහු විසින් සිය බිරිඳ ලිමිනි වීරසිංහ ද සමග තම ගෙවත්තේ මුලින්ම වගා කටයුතු අරඹමින් එය අභියෝගයක් ලෙස තවත් කිහිප දෙනෙක් ට ඉදිරිපත් කළේය. ඒ ෆේස්බුක් සමාජ ජාලය ඇසුරෙනි. ඒ අභියෝගය සඳහා ඔහු නම් කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ඔටාරා ගුණවර්ධන සහ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න යන අයයි. ඉන්පසුව ඔවුන්ද තම ගෙවතු වල වගා කටයුතු අරඹමින් තවත් ය සඳහා අභියෝග යෝජනා ඉදිරිපත් කළේය.

මේ වන විට සමාජයේ බොහෝ දෙනා මේ නිවසට වී සිටින කාලය තුල තම ගෙවත්තේ වගාවන් අරඹා ඇති අතර, සමාජ මාධ්‍ය හරහා ඒවා ජනගත කරමින් සිටි.

නාමල් රාජපක්ෂ මහතා මෙය අරඹමින් සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කොට තිබුනේ “අපට පාලනය කළ නොහැකි මෙවැනි වසංගත තත්වයන්ට මුහුණදීමට අප ජාතියක් ලෙස වඩාත් තිරසාර හා ස්වයංපෝෂිත ආහාර සුරක්ෂිතා වැඩපිළිවෙලකට අවධානය යොමු විය යුතුව ඇත” යනුවෙනි.

තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දුර දක්නා නුවණින්ද, සමාජ මාධ්‍යයය ප්‍රයෝජනවත් දෙයකට යොදා ගනිමින්ද, රටක් ලෙස ඉදිරියට යාම සඳහා මේ ගෙවන කාලය ප්‍රයෝජනයට ගනිමින්ද නාමල් රාජපක්ෂ මහතා ක්‍රියා කළ ආකාරය මේ වන විට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියළු දෙනාගේ පැසසුමට ලක්ව තිබේ.

Leave A Reply

Your email address will not be published.