බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වරුණ සෙනෙවිරත්න මහතා සඳහන් කළේ ඇය මීට පෙර කොරොනා රෝගියෙකු හමු වූ බේරුවල පන්නිය ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි.
මෙම කාන්තාවට ප්‍රතිකාර කළ නාගොඩ රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක් මේ වනවිට නිරෝධායනයට යොමු කර ඇති බව ද ඔහු පැවසුවේ ය.
එම කාන්තාවට වෛසරය ආසාදනය වූයේ කෙසේද යන්න සහ ඇය ඇසුරු කළ පුද්ගලයින් සෙවීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව ද වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
– සියත නිවුස්