කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා සමස්ත දිවයිනම සම්පූර්ණයෙන් වසා දැමීමට සූදානමක් බවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රවෘත්ති සම්පූර්ණයෙන් ම අසත්‍ය බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ එවැනි අසත්‍ය ප්‍රවෘත්ති පළ කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි.
අප්‍රේල් 10 දින සිට 15 දක්වා සම්පූර්ණයෙන් ම රට වසා දමන බවත්, එම කාලය තුළ නීතිය දැඩිව ක්‍රියාත්මක වන බවත් එමෙන්ම ආහාර සැපයීම්, බෙදා හැරීම් සේවා, මාර්ගගත ඇණවුම්, බේකරි නිෂ්පාදන වාහන ආදි කිසිවක් එම කාලය තුළ ක්‍රියාත්මක නොවන බවත්, කිසිදු වෙළඳසැලක් විවෘත කිරීමට ඉඩ නොදෙන බව සඳහන් කරමින් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
එම තොරතුරෙහි කිසිදු සත්‍යතාවයක් නොමැති බවත්, රජය විසින් මේ දක්වා එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් පොලීසිය පවසයි.