බළලුන්ට කොරෝනා වාහකයින් ලෙස කි‍්‍රයා කළ හැකි බව නවත ම අධ්‍යනයකින් හෙළිදරව්වී තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ චීනයේ හාබින් පර්යේෂණ ආයතනය මගින් මෙම අධ්‍යයනය සිදුකර ඇති බවයි. ඒ අනුව එම ආයතනයේ පර්යේෂකයින් පිරිසක් විසින් කොරෝනා වෛරසය ආසාදනය වූ බළලුන් පිරිසක්, වෛරසය ආසාදනය නොවූ බළලුන් පිරිසක් වෙත යොමු කර තිබුණා.
එහි ප‍්‍රථිඵලයක් ලෙස වෛරසය ආසාදනය නොවූ බළලුන් හට, වෛරස් ආසාදිතයින්ව සිටි බළලුන් පිරිසගෙන් එම වෛරසය ආසාදනයවී ඇති බවයි තහවුරුවී ඇත්තේ. මෙහි දී එම බළලූන් කණ්ඩායම් 02ට එකිනෙකා සමග ස්පර්ශවීමට ඉඩ ලබා නොදී ඇති නමුත් සමීපයේ රැඳී සිටීමට පමණක් අවස්ථාව සලසා දී තිබුණා. ඒ අනුව බළලුන්ගෙන්, බළලුන්ට මෙම කොරෝනා වෛරසය ආසාදනය වන බවයි එම අධ්‍යයනය සිදුකළ පර්යේෂකයින් පිරිස නිගමනයට එළඹ ඇත්තේ.
කෙසේ වෙතත්, බළලුන්ගෙන්, මිනිසුන්ට කොරෝනා වෛරසය ආසාදනය වන බව මෙතෙක් කිසිදු පරීක්ෂණයකින් තහවුරුවී නැහැ.
මේ අතර මෙම අධ්‍යයනයේ නිගමනය ප‍්‍රකාශයට පත් කිරීමට පෙර නිවසක සුරතලයට ඇති කරන බළලෙකුට කොරෝනා වෛරසය ආසාදනය වූ පුවතක්, බෙල්ජියමෙන් වාර්තා වුණා. අදාළ නිවෙස හිමි කාන්තාවට කොරෝනා වෛරසය ආසාදනයවී තිබූ අතර ඉන් සතියකට පමණ පසුවයි බළලාට එම වෛරසය ආසාදනයවී තිබුණේ.
චීනයේ වුහාන් නගරයෙන් ආරම්භ වුනු කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය, සතුන්ගෙන් මිනිසුන්ට සම්පේ‍්‍රෂණය වන්නට ඇති බවටයි මත පළ වුණේ. එහෙත් එම වෛරසය සතුන්ගෙන් මිනිසුන්ට සම්පේ‍්‍රෂණය වන බව ද මෙතෙක් තහවුරුවී නැහැ.
මේ වන විට ලොව පුරා රටවලින් වාර්තා වන නව කොරෝනා ආසාදිතයන් ගණන 1,153,998ක් වනවා. මරණ ගණන වාර්තා වන්නේ 61,671ක් ලෙසයි.
මූලාශ්‍රය – නෙත් නිවුස්