කොරෝනා නිසා මීළඟට අපට වෙන්න යන දේ

ශ්‍රී ලංකාව තුළ කොරෝනා වසංගතය මේ වනවිට පැතිරී යන්නේ පවුල් ආශ්‍රිතව බව බවත් එම තත්ත්වයෙන් එහාට ගියහොත් එය පාලනය කර ගැනීමට විශාල වෙනසක් දරන්නට සිදුවන බවත් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය උප කුලපති රසායන විද්‍යා මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා සඳහන් කරයි.

මේ හේතුවෙන් ජනතාව රටක් වශයෙන් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් බාහිර පුද්ගලයන් සමග අතේ දුරින් සිටිමින් සමාජ දුරස්ථභාවය බඳවා ගත යුතු බවත් එය මේ මොහොතේ අනිවාර්යයෙන්ම කළ යුතු වගකීමක් බවද ඔහු සඳහන් කළේය.

මෙම වෙරසයේ හැසිරීම අනුව එය නිවසට එන එකක් නොව තමන් එලියට ගොස් කැදවාගෙන එන එකක් බවත් එනිසා මෙය මේ අවස්ථාවේදීම පාලනය කර ගැනීමට රජයට සහාය දිය යුතු බවත් ඒ මහතා තව දුරටත් පැවසීය.

Leave A Reply

Your email address will not be published.