කාලගුණයෙන් රතු නිවේදනයක්!

ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව සබරගමුව, මධ්‍යම , ‍ඌව සහ උතුරු මැද පළාත්වලත් කොළඹ, කළුතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.

ඒත් සමඟම ප්‍රබල අකුණු ද ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිඟුරුම් සහිත වැසි සමඟ පැයට කිලෝමීටර 70-80 ක පමණ කෙටිකාලීන තද සුළං ද ඇති වෙයි.

තද සුළං හේතුවෙන් ගස් හා විදුලි රැහැන් ඇඳ වැටීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙසත් කාලගුණ අංශ ජනතාවට දන්වයි.

– Derana

Leave A Reply

Your email address will not be published.