යුද හමුදා රෝහලේ සායන සඳහා සහභාගි වන අයට දැනුම්දීමක්!

දිවයින පුරා ඇදිරි නීතිය ක්‍රියාමකවන කාලසීමාව තුළ යුද හමුදා රෝහලේ සායන සඳහා සහභාගී වන යුද හමුදා සාමාජිකයන්ට සහ ඔවුන්ගේ පවුලේ ඥාතීන්ට ළඟ ම ඇති යුද හමුදා රෝහලෙන් අවශ්‍ය සායන සහ ඖෂධ ලබාගත හැකි බව යුද හමුදා මූලස්ථානය පවසයි.

එම මූලස්ථානය පවසන්නේ සේවයේ නියුතු විශ්‍රාමික නිලධාරින්ට සහ සෙසු නිලධාරින් මෙන් ම ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සඳහා සේවා ස්ථානයට සහ පදිංචි ස්ථානයට ළඟ ම යුද හමුදා රෝහලකින් තමාට අවශ්‍ය සේවාව ලබාගත හැකි බවයි.

යුද හමුදා රෝහලේ සායන සදහා පැමිණෙන රෝගීන්ගේ ඖෂධ ලබාගැනිම සදහා ප්‍රාදේශිය මට්ටමින් යුද හමුදා මූලික රෝහල්, ක්ෂේත්‍ර රෝහල් සහ රෝගීන් භාරගන්නා ස්ථානවල පහසුකම් සලසා ඇති බව වාර්තා වේ.

ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු 011 30 30 534, 011 26 97 517 යන දුරකතන අංක ඇමතීමෙන් ලබාගත හැකි බව ද යුද හමුදා මූලස්ථානය සදහන් කළේය.

Leave A Reply

Your email address will not be published.