රාජ්‍ය ආයතන මෙන්ම පොදු ස්ථාන විෂබීජ හරණයට ලක් කිරීමේ වැඩපිළිවෙල තවදුරටත් ක්‍රියාත්මකයි.
ඒ අනුව කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණය විෂබීජ හරණයට ලක් කිරීම සිදු වුණේ පොලිස් විශේෂ කාර්ය බලකායේ මෙහෙයවීමෙන්.
උසාවි සංකීර්ණයේ සියලු අංශ මෙසේ විෂබීජ හරණයට ලක් කිරීමටයි පියවර ගැනුණේ.
වවුනියාව නගරයේ රාජ්‍ය හා පෞද්ගලික බැංකු සියල්ල විෂබීජ හරණයට ලක් කිරීමට යුද හමුදාව කටයුතු කළා. සියලු බැංකු පරිශ්‍ර මෙසේ විශබීජ හරණයට ලක් කෙරුණේ විශ්‍රාම වැටුප් ලබා ගැනීමට පැමිණෙන පිරිසගේ ආරක්ෂාව පිළිබද වැඩි සැලකිල්ලක් යොමු කරමින්.