රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොරෝනා වෛරසය ආසාදිත දරුවන් ප්‍රතිකාර ලබන බවට සමාජ ජාල හරහා ප්‍රචාරය වීම හේතුවෙන් දෙමව්පියන් තම දරුවන්ව ප්‍රතිකාර සඳහා යොමු කිරීමට බිය වී ඇති බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.
ඒ ඊයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගීවෙමින්.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, රිජ්වේ ආර්යා ළමා රෝහලේ නව කොරෝනා වෛරසය ආසාදිත දරුවන් ප්‍රතිකාර නොලබන බව රෝහලේ අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කළ බවයි.
මෙසේ අසත්‍ය ප්‍රචාර කරන අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
සමාජ ජාල මාධ්‍ය හෝ වෙනයම් මාධ්‍ය හරහා පළ වන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන්නැයි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ඉල්ලා සිටියි.