නිරෝධායන නීති කඩ කරන්නන්ට රුසියාව දෙන්න යන දඩුවම!

නව කොරෝනා වෛරසය මැඩලීම සදහා නිර්දේශ කර ඇති රෙගුලාසි බරපතළ මට්ටමින් උල්ලංඝනය කරන පුද්ගලයින් වසර 07ක කාලයකට බන්ධනාගාර ගත කිරීමට බලය ලැබෙන නීති පද්ධතියකට රුසියානු පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී තිබෙනවා.

චීනයෙන් ආරම්භ වී ලොව පුරා පැතිරී ගිය වෛරසය මේ වන විට රටවල් සහ කලාප 204ක පැතිර ගොස් ඇති අතර ලොව පුරා මරණ සංඛ්‍යාව 53000කට අධිකයි. හදුනාගෙන ඇති ආසාදිතයන් සංඛ්‍යාව මිලියනය ද ඉක්මවා ගොස් තිබෙනවා.

වෛරසයෙන් පූර්ණ සුවය ලබා සිටින්නේ ආසාදිතයින් දෙලක්ෂ දොළොස් දහසකට ආසන්න සංඛ්‍යාවක් පමණයි.

Leave A Reply

Your email address will not be published.