කොරෝනා වෛරසය හමුවේ පැන නැගී ඇති අර්බුධය හමුවේ පැන නැගී ඇති ගැටලුවලට තමන්ට ම විසඳුම් සොයාගත නොහැකි විදේශීය සිසුන් සහ තම රටට පැමිණ සිටින පුද්ගලයින්ට යළි ඔවුන්ගේ මව් රටවල් බලා යන්නැයි ඔස්ට්‍රේලියාවේ අගමැති ස්කොට් මොරිසන් ප්‍රකාශ කර සිටිනවා.
මේ අවස්ථාවේ දී සිය රටේ පුරවැසියන්ට සහ පදිංචිකරුවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
“ශිෂ්‍ය සහ වෙනත් වීසා ක්‍රමවේදයන් යටතේ රටට පැමිණ සිටින පුද්ගලයින් ඕස්ට්‍රේලියාවේ අනිවාර්යෙන් සිටින අය නොවේ. මේ අවස්ථාවේ දී ඔවුන්ට ඔවුන් ගැන බලාගන්න බැරි නම් හොද ම අවස්ථාව තමයි යළි ඔවුන්ගේ රටට යන එක.
මේ වන විට රට තුළ විශාල පිරිසක් සංචාරය කිරීම සඳහා පැමිණ තිබෙනවා. නමුත් යළි තමන්ගේ මව් රටවල් කරා යාමට අවශ්‍ය නම් මේ වන විට ඇති අවස්ථාවලින් ප්‍රයෝජන ගත හැකි.” ඔස්ට්‍රේලියානු අගමැතිවරයා කැනබරා හි දී මාධ්‍යවේදීන් අමතා ප්‍රකාශ කර තිබුණා.