මද්දකට හසු වි තේ වත්තේ මිය ගොස් සිටි හොදින් වැඩුණු කොටියෙකුගේ සිරුරක් ඊයේ (02) දින පස්වරුවේ සොයගත් බව නල්ලතන්නිය වනජීවි කාර්යයාලය පවසයි.
නාවලපිටිය පොලිස් වසමට අයත් බාකෙඩ් වතුයායේ බාකෙපල් කොටසේ මිය ගිය කොටියෙකුගේ සිරුර තිබෙන බවට වතු කම්කරුවන් වතු පාලන අධිකාරි දැනුවත් කිරීමෙන් පසු වතු පාලන අධිකාරි විසින් එ බැව් නල්ලතන්නිය වනජීවී කාර්යයාලයේ නිලධාරීන්ට දැනුම් දී ඇත.
අවුරුදු 8 පමණ වයසැති හොදින් වැඩුණු කොටියා අඩි 7ක් පමණ දිගකින් යුක්ත බවත්, මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණයත් සමග ජලය , ආහාර සහ ගොදුරු සොයා පැමිණෙන වන සතුන් ඇල්ලීම සදහා දඩයම්කරුවන් විසින් අටවා තිබු මන්දකට කොටියා හසු වි ඇති බවත්, මන්දන කඩාගෙන දිවගොස් ඇති කොටියා මියයාමෙන් පසු දඩයම් කරුවන් විසින් කොටියාගේ සිරුරේ පැටලී තිබූ මන්ද ගලාවගෙන ගොස් ඇති බව ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේ.
මෙසේ සොයාගත් කොටියාගේ සිරුර සම්බන්ධයෙන් නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර කොටියාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා මිනිපේ පශු වෛද්‍යය රෝහල වෙත යොමු කරන බව නල්ලතන්නිය වනජීවී කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා වැඩි දුරටත් කියා සිටිහ.