පැය 24ක් තුළ වැඩිම කොවිඩ්-19 මරණ සංඛ්‍යාව ප‍්‍රංශයෙන්

ලොව පුරා සිටින කොවිඩ්-19 හෙවත් නව කොරෝනා ආසාදිතයින් ගණන මේ වනවිට දස ලක්ෂය ඉක්මවා තිබෙනවා.

ඒ අනුව අද (03) උදෑසන වනවිට ලොව පුරා සිටින නව කොරෝනා ආසාදිතයින් ගණන වාර්තා වුණේ දස ලක්ෂ 14, 296ක් ලෙසයි.

නව කොරෝනා වෛරසය ආසාදනවීමෙන් ලොව පුරා මියගොස් ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව ද 52,982ක් දක්වා ඉහළ ගියා.

එක් රටකින් වාර්තා වන වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වන දෙලක්ෂ 44,230 වාර්තා වන්නේ අමෙරිකාවෙන්.

වැඩිම කොරෝනා මරණ ගණන තවදුරටත් ඉතාලියෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 13,915ක්.

මේ අතර පැය 24ක් තුළ ලොව රටකින් මෙතෙක් වාර්තා වූ වැඩිම නව කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ (02) ප‍්‍රංශයෙන් වාර්තා වුණා. ඒ අනුව ප‍්‍රංශය තුළ ඊයේ දිනයේ පමණක් නව කොරෝනා ආසාදිතයින් 1,355ක් මියගොස් ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.

ඊට අමතරව ස්පාඤ්ඤයෙන් මරණ 961ක්, අමෙරිකාවෙන් මරණ 78ක්, ඉතාලියෙන් මරණ 760ක් සහ බි‍්‍රතාන්‍යයෙන් මරණ 569 ක් ගතවු පැය 24 තුළ වාර්තා වුණා.

Leave A Reply

Your email address will not be published.