හෙට සිට ඇතැම් ප්‍රදේශවලට වැසි

හෙට(04) සිට ඉදිරි දින කී‍‍පයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

කෙසේ වෙතත් සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල සවස 2න් පමණ පසුව ස්ථාන කීපයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකියි.

Leave A Reply

Your email address will not be published.