ලොතරැයි අලෙවි නියෝජිතයන්ට සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් සහනයක්

අඩු ආදායම්ලාභී ලොතරැයි අලෙවි නියෝජිතයින්ට සහ අලෙවි සහයකයින් සඳහා රුපියල් 2,500ක මුදලක් ලබාදීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ, නව කොරෝනා වෛරසය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති තත්ත්වය මත ඔවුන් පත්ව ඇති ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගනිමින්. ඒ අනුව ඒ සඳහා රුපියල් හතලිස් කෝටි අට ලක්ෂ 77,500ක් වෙන් කර ඇති බවයි සංවර්ධන ලොතරැයි මණ්ඩලය පැවසුවේ.

අදාළ මුදල් සංවර්ධන ලොතරැයි අලෙවි නියෝජිතයින්ගේ බැංකු ගිණුම්වල තැන්පත් කිරීමට ද කටයුතු යොදා තිබෙනවා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ප‍්‍රදේශය භාර සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ක්ෂේත‍්‍ර නිලධාරීවරයා අමතා ලබාගත හැකි බවයි සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය අලෙවි නියෝජිතයින්ට සහ අලෙවි සහයකයින්ට දැනුම් දෙන්නේ.

මූලාශ්‍රය – නෙත්

Leave A Reply

Your email address will not be published.