මැතිවරණය පැවැත්වීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසන්නැයි මැතිවරණ කොමිසම දැනුම්දෙයි

රටේ පවතින තත්ත්වය තුළ ව්‍යවස්ථාව ප්‍රකාරව මහ මැතිවරණය පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් ගැටලුවක් මතු වී ඇති බැවින් එය විසඳාගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන ලෙස ජාතික මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

කොමිෂන් සභාව මේ බව දැනුම් දී ඇත්තේ ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින්.

අප්‍රේල් 25 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ මහ මැතිවරණය කොඩිඩ් 19 වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් කල් දැමීමට පියවර ගැනුණි.

පවතින තත්ත්වය මත මහ මැතිවරණය පැවැත්වීමේ ගැටලුවක් උද්ගතව ඇති බැවින් මැතිවරණය පැවැත්විය හැකි දිනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

Leave A Reply

Your email address will not be published.