ලොවටම අභියෝගයක් වූ කොවිඩ් නයින්ටීන් වෛරසය පිළිබඳ සමීපව අධ්‍යයනය කරන ආයතනයක් වන අමෙරිකාවේ ජෝන්ස් හොප්කිංග්ස් විශ්විද්‍යාලය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ, ලබන සතිය වන විට ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 244 දෙනෙකු පමණ රෝගී ලැයිස්තුවට එක්විය හැකි බවයි.
කෙසේ වෙතත් දැනට ක්‍රියාත්මක රෝග ව්‍යාප්තිය වැලැක්වීමේ ක්‍රම සහ විදි යම් සාර්ථකත්වයක් පෙන්නුම් කරන බව වෛරසය පැතිරීම පිළිබඳ විශ්ලේෂණයේ නිරත වෛද්‍යවරුන් පවසයි.
කොරෝනා වෛරසය පැතිරිම අතින් ශ්‍රී ලංකාවේ පළමු දින 20 තුළදී ඇමරිකාව සහ එක්සත් රාජධානිය තුල මුල් දින 20 ආසාදිත ප්‍රමාණය අභිබවා ගොස් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.
ශ්‍රී ලංකාවේ මුල්දින 20 තුල කොරෝනා ආසාදිත සංඛ්‍යාව 150ට ආසන්න වුවද ඇමරිකා එක්සත් ජනපදයේ මුල් දින 23 වාර්තා වී ඇති රෝගීන් 11කි.
දින 14 ක් තුල රෝගීන් 403ක්, දින 21ක් තුල රෝගීන් 660ක් වාර්තා වනු ඇතැයිද ඔවුන් පුරෝකතන කර ඇති බව සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කළේය.
කෙසේ වෙතත් මෙම පුරෝකථනයන් ඉදිරිපත් වන්නේ දැනට හඳුනාගෙන සිටින රෝගීන් අනුව බවත් හඳුනා නොගත් රෝගීන් විශාල පිරිසක් සමාජයේ සිටිය හැකි බවත් ඔහු පැවසීය.