මෙරට කොරෝනා ආසධිතවූ තවත් පුද්ගලයෙක් අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජිවිතක්ෂයට පත්ව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 58 හැවිරිදි පුද්ගලයෙක්. මෙමෙ රෝගියාට නිව්මෝනියා රෝග තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට වාර්තා වන සිව්වන මරණය මෙයයි.