නිරෝධායන ක්‍රියාවලියට ගරු නොකරන සහ එම ක්‍රියාවන් කඩාකප්පල් කඩකරන පුද්ගලයින්ට වෙඩි තැබීමට ආරක්ෂක අංශවලට හැකි බව පිලිපීන ජනාධිපති Rodrigo Duterte ප්‍රකාශ කර සිටිනවා.
නිරෝධායන ක්‍රියාවලියට සහය වන්නැයි තමන් සියලු පුරවැසියන් ගෙන් ඉල්ලා සිටින බව රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් පිලිපීන ජනාධිපතිවරයා ඉල්ලා සිටියා.
” නීතිය ආරක්ෂා කරන හමුදාව, පොලීසිය ඇතුළු සියලු ආරක්ෂක අංශ සාමාජිකයිනි, නිරෝධායන ක්‍රියාවලියට සහය නොදක්වා ඔවුන් ක්‍රියා කරන්නේනම් හෝ ඔබගේ ජීවිතය අනතුරේ හෙලනවානම් නොපැකිලිව ඔවුන්ට වෙඩි තබා මරා දමන්න” පිලිපීන ජනාධිපතිවරයා සිය ප්‍රකාශයේදී සඳහන් කර සිටියා.
විදෙස් මාධ්‍ය සඳහන් කලේ ඊයේ දිනයේදී පිලිපීනයේ මැනිලා අගනුවර පැවති විරෝධතාවයකදී එම පිරිස් ඉතා කළහකාරී ලෙස හැසිරෙමින් ආරක්ෂක අංශ සමග ගැටුම් ඇති කර ගැනීමට කටයුතු කළ බවයි.