කොරෝනා හැදුණු බ්‍රිතාන්‍ය අගමැති කැබිනට් මණ්ඩලය කැඳවූ හැටි

නව කොරෝනා වෛරසය වැලඳී සිය නිවසේ ස්වයං නිරෝධායනයට ලක්ව සිටින බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් කැබිනට් මණ්ඩල හමුව පවත්වා තිබෙනවා. ඒ අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ සම්මන්ත්‍රණයක් හරහා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

Zoom යන අන්තර්ජාල යෙදුම හරහා මෙම කැබිනට් රැස්වීම පවත්වා ඇති අතර එම අවස්ථාවේ දී ගනු ලැබූ ඡායාරූපයක් ද  ඔහු විසින් සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ පළකර තිබුණා.

කෙසේ වුවත් එලෙස පළකර ඇති ඡායාරූපයේ බ්‍රිතාන්‍ය කැබිනට් මණ්ඩල සාමාජිකයන් විසින් Zoom නමැති යෙදුමේ භාවිත කර ඇති අන්තර්ජාල නම් පවා පෙනෙන්නට තිබුණා.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍ය අගමැති කාර්යාලය සඳහන් කර සිටියේ එරට රජයේ අති රහසිගත රැස්වීම් මෙලෙස ආරක්‍ෂිත ක්‍රමවේදයකට යටත්ව වීඩියෝ තාක්ෂණය ඔස්සේ පවත්වන බවයි.

Leave A Reply

Your email address will not be published.