මෙරට කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනයට චීන රජය විසින් රුපියල් මිලියන 50කට අධික වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කර තිබේ.
ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති හූවෙයි මහතා විසින් එම උපරණ තොඟය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ප්‍රදානය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
මීට අමතරව අන්තර්ජාලය හරහා ව්‍යාපාරික කටයුතු සිදු කරන අලිබාබා ආයතනයේ හිමිකරු සහ ලොව ධනවත්ම පුද්ගලයෙකු වන ජැක්මා විසින් ප්‍රදානය කරන ලද රුපියල් මිලියන 25කට අධික වටිනාකමින් යුතු මුඛ ආවරණ තොගය ද සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදී තිබේ.