ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාවට ද වසංගතයක් වෙමින් පැතිර යන Covid-19 වයිරසය නිසාවෙන් දිවයින පුරා උද්ගතව තිබෙන තත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් ද තලංගම ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් අත්‍යාවශ්‍ය බඩු භාණ්ඩ රැසක් ඊයේ (31) දිනයේ දී බෙදා දී තිබේ.
ඒ අනුව එම ප්‍රදේශයේ ජීවත් වන පවුල් 60ක් සඳහා මේ වියලි සලාක බෙදා දීමට චන්දිමාල් හට හැකියාව ලැබී ඇත.
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් මෙන්ම වර්තමාන ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක්ම ගෙවී ගිය දින කිහිපය පුරාවට ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කරමින් විවිධ වූ සහන ලබා දීමේ වැඩසටහන් සඳහා සිය දායකත්වය දක්වා තිබුණි.
එසේම ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක්ම සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ජනතාව දැනුවත් කරමින් නිවසටම වී ආරක්ෂිතව ඉන්න යන පණිවිඩය ජනතාව අතරට රැගෙන යාම සඳහා විශාල දායකත්වයක් දක්වන ලදි.