කුවේට් සහ ලෙබනන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට පණිවිඩයක්!

කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා පැතිර යාම වළක්වාලීමේ පියවරක් ලෙස ලෙබනනය එරට නීතිවිරෝධිව වෙසෙන විදේශිකයින්ට එරටින් පිටව යාම සඳහා පොදු සමා කාලයක් ලබා දී තිබෙනවා.

එහෙත්, ලෙබනනය මෙම පොදු සමා කාලය ලබා දී ඇත්තේ බොහෝ රටවල ගුවන්තොටුපොළ වසා දමා හෝ ගුවන් ගමන් සීමා කර තිබියදීයි.

ලෙබනනය ද ලබන 12 වනදා දක්වා සම්පූර්ණයෙන් වසා දමා ඇති අතර ශී‍්‍ර ලංකාවට ද විදේශයන්හි සිට මගීන් පැමිණීම මේ වනවිට තහනම් කරයි තිබෙන්නේ.

ඒ අනුව ඊට පිළිතුරු දුන් ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යයාංශයේ වැඩබලන සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්. එම්. වී. වංසේකර පැවසුවේ මෙම පොදු සමා කාලයේ දී සිදු කෙරෙන්නේ, තැනැත්තන් ලියාපදිංචි කිරීම පමණක් බවයි.

ලියාපදිංචි වන තැනැත්තන් යළි ශී‍්‍ර ලංකාවට එවනු ලබන්නේ පවතින ව්‍යසනකාරී තත්ත්වය පහව යාමෙන් පසුව බව ද මෙහි දී ප‍්‍රකාශ කෙරුණා.

නීතිවිරෝධිව රැඳී සිටින විදේශිකයින්ට සිය රටින් පිටව යාම සඳහා කුවේටය ද මීට පෙර පොදු සමා කාලයක් ප‍්‍රකාශයට පත් කළා. එහෙත් එහි කටයුතු සිදු කරන්නේ කෙසේදැයි තවදුරටත් කුවේට් රජය සමග සාකච්ඡා කරන බවයි කුවේටයේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යයාලය වෙනුවෙන් පෝෂික පෙරේරා පැවසුවේ.

Leave A Reply

Your email address will not be published.