කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා කටයුතු කරන සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ ඇතුළු රජයේ නිලධාරින් හෑල්ලුවට ලක් කරන ආකාරයෙන් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති වීඩියෝ පට 03ක් සම්බන්ධයෙන් මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටිනවා.
නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ එවැනි වීඩියෝ පට සමාජ මාධ්‍ය ඇතුළු වෙනත් ක්‍රම ඔස්සේ හුවමාරු කරන පුද්ගලයින් සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ කණ්ඩායම් දෙකක් පත් කර ඇති බවයි.
නිරෝධායන ක්‍රියාවලිය කඩාකප්පල් කරන පුද්ගලයින් සහ එවැනි කටයුතු වීඩියෝ කොට හුවමාරු කරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.