මොස්කව්හි පිහිටි රුසියාවේ නව කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කරනු ලබන රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයාට නව කොරෝනා ආසාදනය වී ඇති බවට රුසියානු මාධ්‍ය වාර්තා කරයි. එම රෝහලට රුසියානු ජනාධිපතිවරයා ද පසුගිය සතියක නිරීක්ෂණ චාරිකාවකට ගොස් තිබුණා.
ඩෙනිස් ප්‍රොට්සෙන්කෝ නම් වෛද්‍යවරයා මොස්කව්හි පිහිටි වසංගත රෝග පිළිබඳව රෝහලේ ප්‍රධානියා ලෙස ද කටයුතු කර තිබුණි. පුටින් ජනාධිපතිවරයා රෝහලේ සංචාරය කරන අතර ඔහු සමග අතට අත දෙමින් කතා කර තිබූ බව ද සඳහන් වේ.