කොරෝනා වැලඳී මීගමුවේ දී මියගිය පුද්ගලයා සමග සබඳතා පැවැත් වූ පිරිසක් කන්දකාඩු වෙත

නිරෝධායන මධ්‍යස්ථානවල දී නිරෝධායනය අවසන් කළ තවත් කණ්ඩායමක් අද (01) නිවෙස් බලා පිටව යන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පෙන්වා දුන්නා.

නව කොරෝනා ආසාදිත බවට හදුනාගෙන ලැබ මීගමුව මහ රෝහලේ දී මිය ගිය පුද්ගලයා සමග සමීප සබඳතා පැවැත්වූ අය ද මේ වන විට නිරෝධායනයට ලක්කර තිබෙන බවයි මෙහි දී සිහිපත් කෙරුණේ.

ඔවුන්ගෙන් පිරිසක් කන්දකාඩු පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත අද (01) රැගෙන යන බව ද යුද හමුදාපතිවරයා පැවසුවා.

Leave A Reply

Your email address will not be published.