කොරෝනා වසංගතය හමුවේ රටේ උද්ගතවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරුන් පිරිසක් අද (01) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව ඇතැයි එම පක්ෂයේ ආරංචි මාර්ග පැවසීය.
මෙම සාකච්ඡාව අද (01) දහවල් 12.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුකිරිමට නියමිත ය.
එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍රවරුන් වන අර්ජුන රණතුංග, රවී කරුණානායක, රුවන් විජයවර්ධන, ලක්ෂ්මන් විජේමාන්න, දයා ගමගේ, නවීන් දිසානායක සහ පාලිත රංගේබණ්ඩාර යන මහත්වරුන් මෙම හමුව සදහා සහභාගී වීමට නියමිත බවද වාර්තා වේ.
මූලාශ්‍රය – ඒෂියන් මිරර්