නව කොරෝනා හෙවත් කෝවිඩ් 19 පැතිරයාම වළක්වාගැනීමට මෙන්ම ඩෙංගු රෝගයේ යළි සිදුවිය හැකි හිස එසවීම ද වළක්වාගැනීමට සියලුදෙනා උනන්දු විය යුතු බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.
IDH උණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම පැවසුවේ පෙර වසරවල දත්ත විශ්ලේෂණය කිරීමේ දී බොහෝ විට අපේ‍්‍රල් මාසයේ සිට ඩෙංගු රෝගයේ හිස එසවීමක් නිරීක්ෂණය වන බවයි.
නව කොරෝනා හෙවත් කෝවිඞ් 19 පැතිර යමින් ඇති මෙම අවස්ථාවේ ඩෙංගු රෝගය ද එළෙස හිස එසවුවහොත් අභියෝගය තවදුරටත් දරුණු වන බව ද මෙහිදී පැහැදිලි කෙරුණා.
තව ද නව කොරෝනා ආසාදිතව සුවය ලබා රෝහලින් පිටව යන තැනැත්තන්ට එම වෛරසය යළි ආසාදනයවීමට ඇති හැකියාව පිළිබඳව ද එහිදී පැහැදිලි කරමින් සඳහන් කළේ සාමාන්‍යයෙන් වෛරසයක් වැලඳුණු විට එම වෛරසයට විරුද්ධව ශරීරයේ ප්‍රතිදේහ ඇති වෙන බවයි.