කැනඩාවේ සේවය කරන ශ්‍රී ලාංකීය වෛද්‍යවරියක් කොරෝනා රෝගය සහ ශ්‍රී ලංකාව පිළිබඳව ලියු සංවේදී සටහනකි.

ලෝකයේම බලවත්ම රට කියන ඇමරිකාව COVID-19 එකෙන් පරාජයට පත්වෙන මොහොතේදී දෙවැනි බලවත් රට හැගෙන කැනඩාවේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස  මෙසේ කරුණු එක් කරමි.

අද March 29th 2020, උදේ පාන්දර පහට ඉස්පිරිතාලෙන් ගෙදර ආපු මම මගේ සියලුම ලක්වැසි ජනතාවට කියන්නේ ඔබ උපන්නේ පින් බිමකයි !

ඔබ කාලෝචිතව බිහිවූ ශ්‍රේෂ්ඨ දූරදර්ශී නායකයකු යටතේ COVID-19 ගෙන් ආරක්ෂා වූ ලක් වැසියෙකි !

COVID-19 ගෙන් බේරීමට තියෙන්නෙ එක්කම පිළියම තමයි Prevention , Preparedness and Proactive decisions.

දිනපතාම ලංකාවේ මේ සඳහා කරන ප්‍රයත්නය මම මාධ්‍යයෙන් දුටුවෙමි.

ත්‍රිවිධ හමුදාවක් , සියලුම සෞඛ්‍ය සේවා නිලධාරීන් , සුළු සේවකයින්, හෙදියන් හා වෛද්‍ය නිලධාරීනුත් මේ දරන ප්‍රයත්නය මා කිසි දිනක මේ නගරයේ නොදුටුවෙමි . එය තහවුරු කරන්නේ උදාහරණත් සමගිනි.

මා වැඩ කරන රෝහලේ COVID-19 රෝගීන් දිනපතාම පැමිණෙති. ඒ සඳහා පරීක්ෂණ කරන පෝලිමේ ලෙඩ්ඩු cough කරයි .ඔවුන්ට Face masks නැත .ඒ බව මම දැනගෙන ඉස්පිරිතාලේ අදාල අයට කියා ආවරණය ලබා ගත්තේ බොහොම අමාරුවෙනි.Test reports සඳහා තවත් දවස් පහක් හෝ හයක් යයි .ගිය සුමානේ වෙනකම් ඉස්පිරිතාලේ කිසිම කෙනෙක්, සුළු සේවකයාගේ සිට විශේෂ වෛද්‍යවරයා පවා වැඩකළේ Face mask නැතිවයි. COVID -19 බලන වෛද්‍යවරු විතරක් PPE පාවිච්චි කර ඉතුරු සියලුම වෛද්‍යවරුන් හා සේවකයන් සාමාන්‍ය ඇඳුමින් එම රෝහලේම duty කරයි. ඒ ඇඳුම් පිටින්ම බස් එකේ හෝ තමන්ගේ වාහන වන ගෙදර යති . Toronto Air port cab drivers පිටරටින් වහ වහා නැවත නගරයට එන වැසියන් ප්‍රවාහනය කරන්නේ mask එකක්වත් නැතිවයි.

මේ අනුව බලන කල ලබන සුමාන තුනත් හතරත් අතර Toronto වෙන දේ සිතා ගන්නවත් බැරිය.

මගේමය යෙහෙළි වෛද්‍යවරියක් කැස්ස ,Fever පසුවෙමින් COVID-19 test ප්‍රතිඵලය ලැබෙන දවස් හයක් ගෙදර සිටිය අතර Positive කියා පිළිතුරක් ලැබුනහම Public Health එකට call කරහම කියා සිටියේ ඔබට උණ නැත්නම් කෙලින්ම තවදුරටත් duty යන්න කියලා. ඇයගේ ස්වාමි පුරුෂයා ඉස්පිරිතාලේ emergency වෛද්‍යවරයෙක් ලෙස වැඩ කරන අතර ඔහුට දිගටම වැඩ කරන්න නියම කර ඇත. COVID-19 Positive අයට ගෙදර සිටින්න අවවාද දෙන අතර හුස්ම හිර වීමක් /හුස්ම ගැනීමේ දුෂ්කරතාවයක් ඇති වුනෝතින් පමණක් Hospital පැමිණීමට අවවාද දෙයි.
Hospitals ,මහජනතාව අතර ඇති මේ ක්‍රියාදාමයන් බලන විට පෙනෙන්නේ
මේ රට දිගින් දිගටම මේ වෛරසයට ගොදුරු වන බවයි .

ශ්‍රී ලාංකික මාගේ වැසියන්ගෙන් අත්දෙක එකතු ? සිටින්නේ ඔබට ලැබී ඇත්තේ දූරදර්ශී , ජනතාව ආරක්ෂා කරන නායකයකි. එම නායකයා දූරදර්ශීව සෑම හමුදාවක්ම , වෛද්‍ය නිලධාරී මණ්ඩලයක් ම ,හෙද හෙදියන්ද, සියලුම දෙනාම යොමුකර මෙම සතුරා පරාජය කිරීමට දරන වෙහෙස යටතේ ජීවත්වීම ඔබ සසරේ කළ ඇති මහඟු පින්කමකි .

මෙම මහඟු කාර්යයට සහයෝගය පිණිස ඔබ ඔබ නිවසේ රැඳී සිට උදේ සවස පින්දහම් කරමින් ඔබටත් ඔබගේ පවුලේ සැමටත් නිරෝගී සුවය හා ආරක්ෂාවක් පතන අතර මෙවන් දුක් දූරදර්ශී නායකත්වයටත් ඒ හා බැඳී සිටින සියලුම ත්‍රිවිද හමුදාවටත් , හෙද හෙදි, සුළු සේවක හා වෛද්‍යවරුන්ට නිරෝගී සුවය හා රැකවරණය ප්‍රාර්ථනා කරන්න.

COVID-19 ගෙන් මේ මුළු ලෝකෙම ජය ගත් රට මාගේ ධර්මද්වීපය බව
” ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි” වශයෙන් ලෝකයට අපි අපි එකතු කරමු .

COVID-19 නිසා ඔබ යම් ධර්මානුකූල දිවියක් අනුගමනය කළා නම් එය COVID-19 ජයගත් පසුව දිගින් දිගටම ප්‍රගුණ කරන්න .ස්වභාව ධර්මයටත් ගස් කොළන් වලට සමීපවෙන්න.

COVID-19 මර්දනයට සහාය වෙන්න ඔබ ගෙදර ඉන්න ?

අතිගරු ජනාධිපතිතුමාටත්, ත්‍රිවිද හමුදාවටත්, සුළු සේවකයාගේ සිට සියලුම රෝහල්වල වැඩ කරන සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට මාගේ ප්‍රණාමය ???

කවුරුන් හෝ ධර්මද්වීපය දමා ඇමෙරිකාවට හෝ කැනඩාවට පැමිණීමට අදහසක් ඇත්නම් තම ජීවිත ආරක්ෂාව තකා දෙවරක් සිතන්න.

සෑම රටකම ජීවත්වෙන Professionally qualified ශ්‍රී ලාංකිකයන් මව් රටට පැමිණ එය තවදුරටත් ගොඩනැගීමට ආරාධනාව ලැබුණු වහාම අපි සියල්ලම එක්රැස් වෙමු!

( අවුරුදු විස්සකට ආසන්න මෙහි ජීවත් වන නිසා මා කිසිදිනක පක්ෂ හෝ ඡන්ද දී නැත.. 2019 November ශ්‍රී ලංකාව ඉතාමත්ම අවදානම් තත්ත්වයකට මුහුණදීමට තිබෙද්දී ධාර්මික හා ජනතාව ආරක්ෂා කරන නායකත්වයක් ලබා දෙන මෙන් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය නොකඩවාම ප්‍රාර්ථනා කලා පමණකි )

ක්‍රිෂාන්ති ගුණවර්ධන
විශේෂඥ ළමා වෛද්‍ය නිලධාරිනි

Richmond Hill – Canada.

( උපුටා ගැනීම – WhatsAppසමාජ ජාලය )

Leave A Reply

Your email address will not be published.