පසුගිය වසරේ පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත 2019/2020 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල අයදුම්පත් කැඳවීමේ දිනය දීර්ඝ කර තිබේ.
වර්තමානයේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සදහන් කළේය.
ඒ අනුව පවතින තත්ත්වය සමනයේදී නැවත සියලු පාසල් විවෘත කර සති දෙකක් යන තුරු අදාළ අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය දීර්ඝ කරනු ලබන බව එම කොමිෂන් සභාව වැඩිදුරටත් සදහන් කළේය.