COVID-19 රෝගීන් ගණන 132ක් දක්වා ඉහළට!

අද (31) දිනයේ මේ වන විට නව කොරෝනා වෛරසය වැලඳුණු රෝගීන් 10දෙනෙක් සොයා ගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 132ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද දිනයේ දී නව කොරෝනා වෛරසයට ගොදුරුව ඇති පුද්ගලයන් 10දෙනාගෙන් 06දෙනෙක් බේරුවල ප්‍රදේශයෙන් වාර්තා වූ බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ.

මෙම පුද්ගලයින් 06දෙනාගෙන් සිව්දෙනෙක් මීට පෙර නව කොරෝනා වෛරසය වැලඳුණු රෝගියෙක්ගේ පවුලේ ඥාතීන් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

මිට අමතරව මිට දින කිහිපයකට පෙර අකුරණ ප්‍රදේශයේ දී කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගියාගේ පවුලේ සාමාජිකයන් තිදෙනෙක්ට ද අද එම වෛරසය වැලඳී ඇති බව තහවුරු වී ඇත.

මේ අතර අද දිනයේ වාර්තා වූ 10 වන රෝගියා දෙහිවල ප්‍රදේශයෙන් වාර්තා වූ බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ.

Leave A Reply

Your email address will not be published.