ඇඳීරි නීතිය සමයේ ආහාර සහ ඖෂධ සම්බන්ධයෙන් විසඳුම් දෙන දුරකතන අංක

ආහාර සහ ඖෂධ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සදහා අත්‍යවශ්‍ය සේවා සදහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය තවත් දුරකතන අංක කිහිපයක් විවෘත කර තිබෙනවා.

එම දුරකතන අංක වන්නේ 011 345 62 00, 011 345 62 01, 011 345 62 02, 011 345 62 03 සහ 011 345 62 04.

ඇදිරි නීතිය පනවා තිබීම හේතුවෙන් කිසියම් තැනැත්තෙකු ආහාර හෝ ඖෂධ සම්බන්ධයෙන් ගැටලුවකට මුහුණදී සිටී නම් ඊට අදාළ පැමිණිලි මෙම දුරකතන අංක වෙත දැනුම් දිය හැකි බවයි අත්‍යවශ්‍ය සේවා සදහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය පැවසුවේ.

ඒ අනුව හඳුනාගන්නා ගැටලුවලට විසඳුම් ලබාදීමට කටයුතු කරන බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

Leave A Reply

Your email address will not be published.