ශ්‍රී ලංකා ප්‍රබල වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් ශ්‍රී ලාංකිකයක්ට ඉතාමත් අපහසු අවස්ථාවක් මෙම කාල වකවානුවේ දී අඩු ආදායම් ලාභී පවුල් සඳහා උපකාර කරන්නට පෙරට පැමිණ තිබෙනවා.
COVID-19 වයිරස ව්‍යාප්තිය වැළැක්වීමට දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය නිසාවෙන් අඩු ආදායම් ලාභී පවුල් රැසකටම උදාව තිබෙන්නේ ඉතා අපහසු කාල සීමාවක්.
ලක්මාල් හා ඔහුගේ ක්‍රීඩා සමාජය වන ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභී පවුල් 450කට උපකාර කරන්නට කටයුතු කර තිබුණේ ඔවුන් අතර අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා දෙමින්.
මෙම ව්‍යාපෘතිය පැවැත්වුණේ මැදගම හා තවත් දුෂ්කර ගම්මාන තුනක් කේන්ද්‍ර කර ගනිමිනුයි.