මැ. කො. සභාපතිගේ අම්බලන්ගොඩ නිවසට හොරු පනී

මැතිවරණ කොම්සමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අම්බලන්ගොඩ පිහිටි නිවස සොරුන් බිද අතැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි.

නිවසේ ඉදිරිපිට දොර විවෘතව ඇතැයි අසල්වාසියකුගේ දැනුම්දීමකට අනුව සොයා බැලීමකදී සොරුන් බිද ඇති බව අනාවරණයවූ බව ද පොලීසිය කියයි.

බොහෝ වේලාවට ඇදිරි නීතිය දමා තිබෙන වේලාවක රාත්‍රියේ මේ නිවස සොරුන් බිදින්නට ඇති බවට පොලීසිය සැකකරයි. නිවසේ ඉදිරිපස දොර කඩා නිවසට ඇතුළුවුවද එහි තිබී රැගෙන ගියේ මොනවාදැයි තවමත් අනාවරණය වී නොමැත.

මැතිවරණ කොමිසමේ සභාපති  මහින්ද දේශප්‍රිය මහතාගේ මේ නිවස අම්බලන්ගොඩ – බටපොළ මාර්ගයේ අම්බලන්ගොඩ පෝරඹ ප්‍රදේශයේ  මාර්ගය අයිනේ පිහිටා ඇති බවත් එය දැනට කාලයක් තිස්සේ සිටම වසා දමා තිබෙන බවත් පොලීසිය කියයි.

අම්බලන්ගොඩ පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave A Reply

Your email address will not be published.