නව කොරෝනා වෛරසය වැලදී ප්‍රතිකාර ගනිමින් සිටි පුද්ගලයෙක් මීගමුව රෝහලේදී ජිවිතක්ෂයට පත්වූ බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ඇන්ටන් ප්‍රනාන්දු තහවුරු කර සිටියා.
මෙලෙස මියගොස් ඇත්තේ මිගමුව, පෝරුතොට ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙක් බවයි රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටියේ.
පළමුව මෙම රෝගියා මිගමුව ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කිරීමෙන් පසුව මිගමුව මහ රෝහල වෙත මාරු කර ඒවා ඇති බවයි නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
මෙම රෝගියා ඇතුළත් කර සිටි මිගමුව රෝහලේ වාට්ටු සංකීර්ණය මේ වන විට මුද්‍රා තබා ඇති බව ද රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කර සිටියා.