වාතය හමායෑම අඩු, සංවෘත ස්ථානයක සිටින පුද්ගලයින්ට ඛේට අංශු මගින් කොවිඩ් 19 වෛරසය ආසාදනයවීමේ අවදානමක් පවතින බව ජපානයේ ටෝහෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කසුහිරෝ තතේඩා මහතා සිදුකළ අධ්‍යයනයක දී හෙළිව තිබේ.
යම් පුද්ගලයෙකු කිවිසුමක් යවන විට ප්‍රමාණයෙන් විශාල ඛේට අංශු ඉතා ඉක්මණින් බිමට පතිතවුවද කුඩා හා සැහැල්ලු බව හේතුවෙන් ක්ෂුද්‍ර ඛේට අංශු ඉහළට පාවී යන බව මහාචාර්ය තතේඩා මහතා සිදුකළ අධ්‍යයනයේදී මූලිකව හෙළිව තිබේ.
අදාළ පරීක්ෂණ සඳහා වාතයේ පාවෙන සියුම් අංශු බැබළවිය හැකි ඉහළ සංවේදී කැමරාවක් භාවිතා කර ඇති අතර එයට වාතයේ පාවෙන මයික්‍රොමීටර 0.1 ක අංශු දර්ශනය කරගැනීමේ හැකියාවක් පවතී.
ඔහුගේ අධ්‍යයනයට අනුව පුද්ගලයින් දෙදෙනෙකු විසින් සාමාන්‍ය දුරක් සහිතව සංවාදයක යෙදෙන අවස්ථාවකදී වුවද ක්ෂුද්‍ර ඛේට අංශු විශාල ප්‍රමාණයක් මෙලෙස වාතාශ්‍රයට මුදාහැරේ. එහිදී අනාවරණ වී ඇත්තේ එම ක්ෂුද්‍ර ඛේට අංශු පහසුවෙන් වාතාශ්‍රයෙන් ඉවත් නොවන බවයි.
සාමාන්‍යයෙන් මෙම ක්ෂුද්‍ර ඛේට අංශුවල සජීවී වෛරස් රාශියක් අඩංගු වන බව සොයා ගෙන ඇත.
මහාචාර්යවරයා තම අධ්‍යයනය පුළුල් කරමින් පුද්ගලයින් 10 දෙනෙකු සංවෘත ස්ථානයක තබා මෙම තත්ත්වය නිරීක්ෂණ කර ඇත.