රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දැනුම්දීමක්!

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් ප්‍රතිකාර ලබා ගන්නා සියලු ම දරුවන් දීර්ඝ කාලීන ලබාගත යුතු ඖෂධ ලබාදීමේ ක්‍රමවේදයක් රෝහල විසින් සකස් කර තිබේ.

එම දුරකථන අංක පහතින් දැක්වෙයි.

ඒ අනුව දරුවාට අවශ්‍ය පරීක්ෂණ සඳහා හෝ අනිවාර්යයෙන්ම ඖෂධ අවසන් වීමට ප්‍රථමව සතියේ දිනවල පෙ.ව.8 සිට ප.ව 2 දක්වා එම අංකයන් ඇමතීමෙන් තොරතුරු ලබා ගන්නා ලෙසත් රෝහල දැනුම් දෙයි.

අනෙකුත් රෝගී සත්කාරක සේවා සඳහා 0112 693711 / 0112 693712 දුරකථන අංක මඟින් ප්‍රතිකාර ලබා ගත් වාට්ටු ඇමතීමෙන් තොරතුරු ලබා ගත හැකි බව ද රිජ්වේ ‍ආර්යා ළමා රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා සඳහන් කරයි.

Leave A Reply

Your email address will not be published.