භූතානයේ සිසුන් පිරිසක් රැගෙන යාමට විශේෂ ගුවන්යානයක් කටුනායකට එයි!

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය හදාරමින් සිටි භූතාන ජාතික සිසුන් 86දෙනෙකු රැගෙන යෑම සදහා එරට සිට විශේෂ ගුවන් යානයක් අද (30) දහවල් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

භූතානයේ බෙල්විව් ගුවන් සේවයට අයත් බී – 3722 දරන මෙම ගුවන් යානය අද (30) දින දහවල් 11.20ට භූතානයේ පාරෝ ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ  වෙත පැමිණ තිබුණි.

මෙම ගුවන් යානය එයා බස් වර්ගයට අයත් ඒ.- 319 වර්ගයේ ගුවන් යානයකි.

මෙම ගුවන් යානය , එම සිසුන් පිරිස ද  රැගෙන යළිත් අද (30) දින දහවල් 12.30ට භූතානයේ පාරෝ ගුවන් තොටුපළ බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ.

(කටුනායක ටී.කේ.ජී.කපිල)

– Asian Mirror

Leave A Reply

Your email address will not be published.