මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 120 දක්වා ඉහළට!

තවත් කොරෝනා ආසාදිතයන් තිදෙනෙකු හඳුනාගෙන ඇති අතර ඒ අනුව මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගණන 120ක් දක්වා ඉහළ ගොස්  බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ අතර ඊයේ(29) දිනයේදී රෝහලෙන් පිටව ගිය ආසාදිතයන් දෙදෙනාත් සමඟින් ආසාදිතයන් 11දෙන‍ෙකු මේ වන විට පූර්ණ සුවය ලබා සිටියි.

ඒ අනුව රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් ගණන 108කි.

ඊයේ වන විට සැක මත වෛද්‍ය අධීක්ෂණය යටතේ 199දෙනෙකු රෝහල්ගතව සිටි නමුත් ඉන් අසූදෙදෙනකු අද දින පිටව ගියේය.

ඒ අනුව තවදුරටත් කොරෝනා ආසාදනය වී ඇත්දැයි සැකමත රෝහල්ගතව සිටින පුද්ගලයන් ගණන 117කි.

Leave A Reply

Your email address will not be published.