අවදානම් කලාප හැර සෙසු දිස්ති‍්‍රක්කවලට පනවා තිබූ ඇඳිරි නීතිය අද (30) පෙරවරු 6.00ට ඉවත් කෙරුණා. එලෙස ඉවත් කෙරුණු ඇඳිරි නීතිය එම දිස්ති‍්‍රක්කවලට අද පස්වරු 2.00ට යළි පැනවෙන බවයි පොලිසිය පැවසුවේ.
ඇඳිරි නිතිය ඉවත් කෙරුණත් අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත‍්‍රික්ක අතර ගමනා ගමනය තවදුරටත් සම්පූර්ණයෙන්ම තහනම් වනවා. අත්‍යවශ්‍ය සේවා කාර්යක්‍ෂමව පවත්වාගෙන යාම සඳහා යොදා ඇති ක‍්‍රමවේද අවභාවිත කරන පුද්ගලයින්ට එරෙහිව ද නීතිය තදින්ම කි‍්‍රයාත්මක කෙරෙනු ඇති.
ඇඳීරි නීතිය පැනවීම සහ දිස්ති‍්‍රක් අතර ගමනාගමනය තහනම් කිරීම ඇතුළුව මෙම විවිධ කි‍්‍රයාමාර්ග ගෙන ඇත්තේ ජනතාවගේ ආරක්ෂාව උදෙසායි. ඒ නිසා ලබාදී ඇති උපදෙස් වගකීමෙන් යුතුව පිළිපදින ලෙස කෝවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ජනතාවගෙන් නැවත ඉල්ලා සිටිනවා. එහි ප‍්‍රධානී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙම ඉල්ලීම සිදු කළා.
ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කෙරුණු දිස්ති‍්‍රක්කවල වෙළෙඳසැල් හිමියන්ගෙන් ද මෙහි දී විශේෂ ඉල්ලීමක් සිදු කෙරුණා.
එහිදී, ජනතාව එකම වෙළඳ සැළක් තුළට සිර නොවී සිටීම සඳහා ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ අලෙවි කරන සියලු වෙළඳසැල් විවෘත කර තබන ලෙස ඉල්ලා සිටින බවයි කියා සිටියේ.
නව කොරෝනා අවදානම් කලාප ලෙස හඳුනාගැනුණු කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ති‍්‍රක්කවලට පනවා ඇති ඇඳිරි නීතිය තවදුරටත් කි‍්‍රයාත්මක වනවා.