ලංකාවේ කොරෝනා මර්ධන ක්‍රම වේද බ්‍රිතාන්‍යයට වඩා හොඳයි.. ලංකාවේ සංචාරය කළ බ්‍රිතාන්‍ය ජාතිකයා BBCයට කියයි

මෙරට සංචාරය කළ බ්‍රිතාන්‍ය ජාතිකයෙකුද BBC පුවත්සේවය සමඟ සිය අදහස් පළකරමින් පවසා ඇත්තේ නව කොරෝනා වෛරසය මර්දනයට ශ්‍රී ලංකාව සතුටුදායක පියවර ගෙන පවතින බවයි.

ශ්‍රී ලංකාවේ සංචාරය කළ බ්‍රිතාන්‍ය පුරවැසියෙක් වන ග්‍රැහැම් ඇබෝර්ට් මහතා පවසා සිටියේ මෙවන් අදහසක්.

“ශ්‍රී ලංකාව තුළදී අපි සෞඛ්‍ය ආරක්ෂිත ඉල්ලුම්පත්‍ර, උෂ්ණත්වය පරීක්ෂාකිරීම් වගේම සියලුදෙනා අත්ආවරණ සහ මුඛ ආවරණ පැළඳ සිටියා. නමුත් හීත්‍රෝවලදි කිව්වේ දෙදෙනෙකු අතර පරතරය තියාගෙන ඉන්න කියලා විතරයි.

උදාහරණයක් ලෙස ආගමන විගමන නිලධාරින් මගේ ගමන් බලපත්‍රය ගනිද්දි අත්ආවරණවත් පැළඳ සිටියේ නැහැ. ලොකු වෙනසක් දැනුණා.”

ඔබට වඩාත් විශ්වාසයක් දැනුනේ කොහේදීද?

“ශ්‍රී ලංකාවේ දී තමයි, අපි කොළඹ වෙත ළඟාවෙද්දීම ඔවුන් සියලුදේටම සූදානම්වෙලා හිටියේ. ශරීරිය වගේම උෂ්ණත්ව පරික්ෂාවන් සිදුකරන ක්‍රමවේදයන් ඔවුන් සියල්ලටම සූදානම් වෙලා.”

Leave A Reply

Your email address will not be published.